නූතන සාහිත්‍ය ලෝකයට ගෝර්කිගේ අම්මාගෙන් පසු දෙවෙනි වතාවට අම්මෙක් වැදීමට වින්නඹුකම් කරන්නේ සන්නස්ගලය. ඔහුගේ පෙරළිකාර ජීවිතයත්, කුසේ යුද්ධයට එරෙහිව කළ සටනත් අම්මගේ ආදරයත් තුළ ඔහු සිය අනන්‍යතාව මේ කොදෙව් භූමියේ ගොඩනඟා ගනියි. විටෙක අම්මා ඔහුගේ අප්‍රතිහත උත්සහයේ වස්තු බීජය වනවා සේම තවත් විටෙක එය ඔහුගේ මානසික පීඩනයේ ස්වයං පාපොච්චාරණය බවට ද පත්වේ. නූතන සංස්කෘතික ලෝකයට ගන්ධබ්බයෙකු ලෙස පහළ වී එකී සංස්කෘතියට එරෙහිව යමින් තමාගේම සංස්කෘතික තුවක්කුවෙන් අම්මා නැමති කතාව හරහා සිය හෘද සාක්ෂියට වෙඩි තබා ඔහු එය අපට නිරුවත් කොට පෙන්වයි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=895
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=895
No comments:
Post a Comment