Tuesday, July 25, 2017

බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු ඩෙංගු ව්‍යාප්තියට බලපාන තවත් හේතුවක් ගැන හෙළිදරව්වක්...

මෙම වසරේ මුල සිට මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් යැයි සැක කෙරෙන රෝගීන්ගේ ප්‍රමාණය දැන් ලක්ෂය ඉක්මවා තිබේ. එම සංඛ්‍යාවට සාපේක්ෂව ඩෙංගු රෝගයෙන් මරණයට පත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඩු අගයක් ගනු ලැබුව ද දිනෙන් දින වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන්නේ නැත. විශේෂයෙන්ම මාධ්‍ය ඔස්සේ ඩෙංගු වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන දැනුවත් කිරීම් හා ග්‍රාමසේවා වසම් මට්ටමෙන් ඩෙංගු මර්දන වැඩසටහන් දියත් කිරීම සිදු කළත් රෝගීන් වාර්තා වීමේ අඩුවීමක් දක්නට නොලැබීම මෙහිදී සැලකිලිමත් විය යුතු සුවිශේෂතම කරුණයි. එබැවින් තවදුරටත් එසේ ඩෙංගු ව්‍යාප්ත වීම සදහා බලපාන හේතු පිළිබඳ සිදුකළ සොයා බැලීමේදී ඇතැම් ප්‍රදේශ තුළ අවධානයට ලක්කළ හැකිවූ හේතුවක් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය වහා යොමු වීම පිණිස මෙම හෙළිදරව් කිරීම සිදු කරමි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1107

Monday, July 24, 2017

සරුංගල් එක්ක බැඳුණු මගේ අත්දැකීම්...

අද මට මේ සටහන ලියන්න ඕනෙ කියලා හිතුණෙ අපෙ ළමා කාලයයි දැන් ළමයින්ගෙ ළමා කාලයයි අතර තියෙන පරතරය කොච්චරද කියලා හිතුණම. මොකද අපි ළමා කාලෙදි අත්විඳපු ගොඩක් අත්දැකීම් අද ළමයින්ගෙ ලෝක වලින් ඈත් වෙලා. කොටින්ම කිව්වොත් එහෙම දේවල් තිබුණ ද කියලාවත් දන්නෙ නැති තරමට ළමයි ඒ දේවල් වලින් ඈත් වෙලා. ඈත් වෙලා කිව්වට කියන්න ඕනි හරිම විදිහ තමා ළමයි ඒ දේවල් වලින් ඈත් කරලා කියන එක. ඉතින් ඒ විදිහට දැන් සමහර ළමයි දන්නෙවත් නැති දෙයක් තමා මේ සරුංගල් යවනවා කියන දේ. ඒ නිසාම මගේ ළමා කාලෙදි මං ලබපු සුන්දර අත්දැකීමුත් එක්ක ළමා කාලෙදි මං ගොඩක් ආශා කරපු සරුංගල් යැවීම ගැන මගේ නිදහස් සිතුවිලි අවකාශයට මෙහෙම ලියන්න හිතුණා.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1099

Friday, July 21, 2017

සමාජ මාධ්‍ය කියන්නේ රකුසෙක්ද?

සමාජ මාධ්‍ය භාවිතය අද වන විට ලෝකයේ ජනප්‍රියතම සන්වේදන මාධ්‍යය බවට පත්ව ඇති බව රහසක් නොවේ. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ආදියෙහි මෙන්ම ඒ ඔස්සේ උද්ගත වී ඇති ගැටළු ද රාශියකි. එබැවින් මෙම සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් තවමත් බොහෝ දෙනා තුළ ඇත්තේ සුබවාදී ආකල්පයක් නොවන බව පැහැදිලිය. එහෙත් එසේ සිතීම සාධාරණද? එසේත් නැතිනම් සමාජය තුළ පැතිරී ඇත්තේ හුඹස් බියක්ද? මේ එම සමාජ මාධ්‍ය භූමිකාව පිළිබඳ කාලීන තත්ත්වයන් ඇසුරෙන් තබන සටහනකි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1091

Thursday, July 20, 2017

ලංකාවේ සෙක්ස් මියුසික් වීඩියෝ වලින් ගොඩ යන නිරූපිකාවන්ගෙයි වල පල්ලට යන ගායකයින්ගෙයි කතාව...

ඉරාජ් පටන් ගත්ත ලංකාවෙ සෙක්ස් වීඩියෝ ට්‍රෙන්ඩ් එක ඊට පස්සෙ ආපු ඒ විදිහෙ තව ගොඩක් වීඩියෝත් එක්ක සාමාන්‍ය තත්වයට පත්වුණා. ඒ නිසා සින්දු විදිහට ගොඩක් එන්න පටන් ගත්තෙ දිව්‍යාංගනාවො වගේ කෙල්ලන්ගෙ බාගෙට පියයුරුයි කලවයි පෙන්නන වීඩියෝ. ගූගල් එකේ වැඩියෙන්ම සෙක්ස් හොයපු අපේ රටේ මිනිස්සුන්ටත් මේක ඉතින් නියමෙටම සෙට් වෙනවනේ. ඒ නිසා අන්තිමට මියුසික් වීඩියෝ කිව්වට අලුතෙන් සින්දු ආවෙත් නෑ අලුතෙන් ගායකයො ආවෙත් නෑ. ආවෙ බගෙට ඇඟ පෙන්නලා කොල්ලො චූන් කරන කෙල්ලො ටිකක් විතරයි. උන් ඒ මියුසික් වීඩියෝ වල පිහිටෙන් ලංකාවෙ හිට් කැරැක්ටර්ස් වුණා. ඒ විදිහට අලුත් සින්දු වගේම ගායකයොත් නැත්තටම නැති වෙලා නිරූපිකාවො හිට් කරන සින්දු වීඩියෝ ට්‍රෙන්ඩ් එකක් අපේ රටේ බිහිවුණා.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1074

අපේ රටේ ඩෙංගු පිළිබඳ සැබෑ තත්ත්වය හා ජය ගත යුතු අභියෝග...

කෑගල්ල දිස්ත්‍රික්කයේ එක් ප්‍රධාන දිස්ත්‍රික් රෝහලක් තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වී තිබුණේ රෝහලේ වැසිකිලියක් තුළ වැසිකිලියට අවශ්‍ය ජලය රැස් කර තබා ගන්නා වැසිකිලි ටැංකියක් තුළ බෝවූ මදුරු කීටයන්ගෙනි. ඒ පිළිබඳව එම රෝහලේ කිසිවෙකුගේ අවධානය යොමු නොවී තිබූ අතර ඩෙංගු මර්දන වැඩසටහනක නිලධාරීන් විසින් එම තත්ත්වය අනාවරණය කරගෙන තිබුණි. ඇතැම් වෛද්‍යවරුන්ගේම නොසැලකිලිමත්කම හේතුවෙන් ද ඩෙංගු ව්‍යාප්ත වීම සඳහා බලපෑ හේතු පිළිබඳව ඩෙංගු මර්දන වැඩසටහන් තුළ දී නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන තිබූ අතර එසේ අනාවරණය කර ගනු ලැබූ එක් හේතුවක් වශයෙන් එක් වෛද්‍යවරයෙක් විසින් මිලදී ගෙන තිබූ ඉඩමක් පාළුවට යෑමට ඉඩහැර තිබීම හේතුවෙන් එම ඉඩම මදුරු කීටයන් සඳහා රජදහනක් බවට පත්වී තිබුණි. එම නොසැලකිලිමත්කම එම වෛද්‍යවරයාට පමණක් ආදාළ නොවන අතර ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු පැතිරීම වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීමේ වගකීමක් ඇත.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1084

Friday, July 14, 2017

දෙරණේ දෙවෙනි ඉනිමෙන් විනාශයක් වන බව කියූ ලිපියට පිළිතුරක්...

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය හා වසරේ ජනප්‍රියම නිළිය ආදී වූ සම්මාන වලින් පිදුම් ලබා මේ දිනවල අති මහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගනිමින් විකාශය වන දෙරණ රූපවාහිනී නාලිකාවේ “දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යය තුළින් සිදුවන්නේ විනාශයක් බව අද එක්තරා බ්ලොග් ලිපියක් තුළින් කරුණු ඉදිරිපත් කර තිබුණි. එම ලිපිය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය අවකාශය තුළ විවිධ අදහස් ඉදිරිපත් වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් මාගේ අදහස ද මෙසේ ඉදිරිපත් කිරීම වැදගත් යැයි සිතුවෙමි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1047

Thursday, July 13, 2017

මිනිසුන්-නොමිනිසුන්, මිතුරන් හා ප්‍රේමය මැද සරසවියේ සිව් වසරක මතකය...

මිනිසුන් නොමිනිසුන් වෙන් කරනා රේඛාවේ ඇති නොපැහැදිලිතාව කෙතරම් දැයි පසක් කර ගැනීමට ගතවූ මෙම සිව් වසරක කාලය පමණක්ම ප්‍රමාණවත් විය. එය එක් අතකින් පොත් දහසක් වුවත් කියවා ලබා ගත නොහැකි ජීවින අත්දැකීම් සමුදායකි. මිනිසුන් ගැන මෙම අත්දැකීම් සමූහය මා ලබන්නේ සරසවිය තුළ දී හමුවූ පුද්ගලයින්ගෙන් පමණක් නොවේ. මා සරසවියට පැමිණීම නිසා මට ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණු පුද්ගලයින් ද මෙහිදී මට ජීවිතය පිළිබඳ ඉගෙනීමට වැදගත් විය. නොමිනිසුන් අතර තම ජීවිතය පරාර්ථය උදෙසාම කැපකළ උත්තුංග මිනිසුන්ද මට හමුවිය. මේ ඒ උත්තුංග මිනිසුන්, මිතුරන් හා ප්‍රේමය මැද සිව් වසරක් පුරා සරසවි ජීවිතයේ දී මා ලද අත්දැකීම් පිළිබඳ තබන සටහනකි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1029 

Monday, July 10, 2017

පුස්තකාල ඇතුළෙම ලොකු මහත් වුණ මගේ ජීවිතය...

පුස්තකාලත් එක්ක මගෙ තිබුණ සම්බන්ධය බොහොම ලෙන්ගතු සම්බන්ධයක්. ඒක මගෙ ජීවිතයෙන් වෙන් කරලා ගන්න බැරි විදිහේ එකක්. මං උස් මහත් වුණේ මේ පුස්තකාලත් එක්ක. මට ලියන්න ආසාව ඇති වෙන්නෙ මේ පුස්තකාලත් එක්ක. ඒ ආසාව නිසාම මට ලේඛකයෙක්  වෙන්න පාර කියන්නෙත් මේ පුස්තකාල. ඒ වගේම මට මාව දැනෙන්න පටන් ගත්තෙ මේ පුස්තකාලත් එක්ක. ඒ නිසා මං අදටත් මේ හැම පුස්තකාලයකටම ණය ගැතියි. මොකද මට මාව හොයාගන්න පාර කිව්වෙ මේ පුස්තකාල නිසා.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1023

Friday, July 7, 2017

රටම හිනස්සන මිහිර සිරිතිලකගේ අව්‍යාජ ජීවන සටහන් එකතුව හෙවත් “දෙහි දොඩම් ප්‍රේමය”...

පුද්ගලයෙකු ජනප්‍රියත්වයට පත්වූ පමණින් ඔහු හෝ ඇය විසින් වසන් කර තබා ගන්නා ඔවුන්ගේ අතීතය පිළිබද තතු මෙම කෘතිය තුළ මිහිර විසින් අව්‍යාජව හෙළිදරව් කර තිබේ. එය එක් අතකින් ඔහුගේ අව්‍යාජත්වය පිළිබඳ සාක්ෂියකි. එසේම අනෙක් අතින් එය තමන්ගේ ජීවිතයට තමන් අවංක වීම පිළිබඳ නිදර්ශනයකි. එබැවින් ඔහුගේ එම උත්සාහය පිළිබඳව මෙසේ සටහනක් තැබීමට සිතුණේ ඔහුගේ චරිතවලට ආදරය කරන ප්‍රේක්ෂකයෙකු වන මා තුළ ඔහු සම්බන්ධයෙන් වූ ආකල්පය වඩාත් ගෞරවනීය තත්ත්වයකට පත්වීමට ඔහුගේ එම සටහන් පෙළ හේතු වූ බැවිනි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1017

Thursday, July 6, 2017

ජපුර සිසු ගැටුමෙන් හෙළිවන පිටු දැකිය යුතු සරසවි සිසු ගෝත්‍රික මානසිකත්වය...

සරසවි සිසුන් නිරාගමිකත්වයට පත් කිරීම ජවිපෙ-පෙරටුගාමී ඊනියා සමාජවාදීන්ගේ තවත් එක් ව්‍යාපෘතියකි. විශේෂයෙන්ම අන්තවාදී මාක්ස්වාදී ඉගැන්වීම් හරහා මෙම නිරාගමික මානසිකත්වය සරසවි සිසුන් තුළ ඇති කිරීම ශිෂ්‍ය අරගල මුවාවෙන් සිදු කරන අතර ඒ ඔස්සේ ආගමික හා සංස්කෘතික කරුණු සම්බන්ධයෙන් විරෝධී ආකල්ප සරසවි සිසුන් තුළ ජනිත කිරීම සිදු වේ. කෙසේ වුවත් ඕනෑම ආගමක් තුළ අන්තර්ගත වන කරුණු හා විවිධ සංස්කෘතික චර්යාවන් සබුද්ධිකව ප්‍රශ්නගත කිරීමට සරසවි විද්‍යාර්ථීන් කටයුතු කිරීම වරදක් නොමැති අතර එසේ වූ පමණින් මෙවැනි අන්තවාදී හා ම්ලේච්ඡ ගැටුම් සඳහා සිසුන් යොමුවන තත්ත්වයක් උද්ගත වන්නේ ද නැත.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1014

Tuesday, July 4, 2017

සරසවි සිසුවියකගේ හැඬුමකින් ප්‍රතිචාර ලද සංවේදී නාට්‍ය අත්දැකීම...

නාට්‍යයේ අවසාන ජවනිකාව ද අවසාන වී වේදිකාවේ විදුලි ආලෝකය නිවී ගියේය. ඒ සමඟම මුළු නාට්‍යාගාරයම අඳුරේ ගිලුණි. මා සිටි අසුනට පිටුපසින් සරසවි සිසුවියකගේ හැඬුමක් ඇසුණේය. මාගේ දෙනෙත් ද ඒ මොහොතේ දී තරමක් කඳුළින් බොඳවී තිබුණු බැවින් සිසුවියගේ එම හැඬීම මට අමුත්තක් නොවුණි.  නාට්‍යය අවසානයේ ප්‍රේක්ෂිකාවකගෙන් මෙසේ ලද ප්‍රතිචාරය නාට්‍ය අධ්‍යක්ෂකවරයා මෙන්ම නළු නිළියන් ද  ලද ඉහළම ප්‍රතිචාරය බවට සැකයක් නොමැත. මේ එසේ ප්‍රේක්ෂකයින්ගෙන් ප්‍රතිචාර ලැබූ එම සංවේදී නාට්‍ය අත්දැකීම පිළිබඳ තබන සටහනකි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1007

Sunday, July 2, 2017

සයිටම් වෙත විරෝධය පා දරුවන් වැරදි කළ පමණින් දෙමව්පියොත් වැරදි කිරීම සුදුසු ද?

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙත විරෝධය පාමින් රජයේ වෛද්‍ය සිසුන් මේ දිනවල විවිධ විරෝධතා ක්‍රියාමාර්ග වල නිරත වෙමින් සිටියි. එනම් සත්‍යග්‍රහ ව්‍යාපාර වල නිරත වීම, උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීම හා පන්ති වර්ජන වල නිරත වීම ආදියේ ඔවුන් යෙදී සිටියි. කෙසේ වුවත් වෛද්‍ය සිසුන් එසේ හැසිරෙන විට ඔවුන්ව යහ මඟට ගැනීමට ඔවුන්ගේ දෙමව්පියන් විසින් මූලිකත්වය ගත යුතුය. එසේ වුවත් දැන් සිදු වෙමින් ඇත්තේ දරුවන් යහමගට ගැනීමට පෙරමුණ ගත යුතු දෙමව්පියන් ද දරුවන් යන වැරදි මාවතේම යමින් දරුවන්ට එම වැරදි වල තවදුරටත් නිරත වීමට සහයෝගය දක්වමින් කටයුතු කිරීමය. මෙම තත්ත්වය දරුවන්ට දෙමව්පියන් විසින් ලබා දෙන්නා වූ ඉතාම වැරදි පූර්වාදර්ශයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් මෙසේ සටහනක් තබමි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=998

බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු ඩෙංගු ව්‍යාප්තියට බලපාන තවත් හේතුවක් ගැන හෙළිදරව්වක්...

මෙම වසරේ මුල සිට මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් යැයි සැක කෙරෙන රෝගීන්ගේ ප්‍රමාණය දැන් ලක්ෂය ඉක්මවා තිබේ. එම සංඛ්‍යාවට සාපේක්ෂව ඩෙංගු රෝගයෙ...