මිනිසුන් නොමිනිසුන් වෙන් කරනා රේඛාවේ ඇති නොපැහැදිලිතාව කෙතරම් දැයි පසක් කර ගැනීමට ගතවූ මෙම සිව් වසරක කාලය පමණක්ම ප්‍රමාණවත් විය. එය එක් අතකින් පොත් දහසක් වුවත් කියවා ලබා ගත නොහැකි ජීවින අත්දැකීම් සමුදායකි. මිනිසුන් ගැන මෙම අත්දැකීම් සමූහය මා ලබන්නේ සරසවිය තුළ දී හමුවූ පුද්ගලයින්ගෙන් පමණක් නොවේ. මා සරසවියට පැමිණීම නිසා මට ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණු පුද්ගලයින් ද මෙහිදී මට ජීවිතය පිළිබඳ ඉගෙනීමට වැදගත් විය. නොමිනිසුන් අතර තම ජීවිතය පරාර්ථය උදෙසාම කැපකළ උත්තුංග මිනිසුන්ද මට හමුවිය. මේ ඒ උත්තුංග මිනිසුන්, මිතුරන් හා ප්‍රේමය මැද සිව් වසරක් පුරා සරසවි ජීවිතයේ දී මා ලද අත්දැකීම් පිළිබඳ තබන සටහනකි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1029
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1029
No comments:
Post a Comment