කෑගල්ල දිස්ත්‍රික්කයේ එක් ප්‍රධාන දිස්ත්‍රික් රෝහලක් තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වී තිබුණේ රෝහලේ වැසිකිලියක් තුළ වැසිකිලියට අවශ්‍ය ජලය රැස් කර තබා ගන්නා වැසිකිලි ටැංකියක් තුළ බෝවූ මදුරු කීටයන්ගෙනි. ඒ පිළිබඳව එම රෝහලේ කිසිවෙකුගේ අවධානය යොමු නොවී තිබූ අතර ඩෙංගු මර්දන වැඩසටහනක නිලධාරීන් විසින් එම තත්ත්වය අනාවරණය කරගෙන තිබුණි. ඇතැම් වෛද්‍යවරුන්ගේම නොසැලකිලිමත්කම හේතුවෙන් ද ඩෙංගු ව්‍යාප්ත වීම සඳහා බලපෑ හේතු පිළිබඳව ඩෙංගු මර්දන වැඩසටහන් තුළ දී නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන තිබූ අතර එසේ අනාවරණය කර ගනු ලැබූ එක් හේතුවක් වශයෙන් එක් වෛද්‍යවරයෙක් විසින් මිලදී ගෙන තිබූ ඉඩමක් පාළුවට යෑමට ඉඩහැර තිබීම හේතුවෙන් එම ඉඩම මදුරු කීටයන් සඳහා රජදහනක් බවට පත්වී තිබුණි. එම නොසැලකිලිමත්කම එම වෛද්‍යවරයාට පමණක් ආදාළ නොවන අතර ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු පැතිරීම වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීමේ වගකීමක් ඇත.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1084
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=1084
No comments:
Post a Comment