Wednesday, June 21, 2017

දෙමව්පියන්ගේ කඳුළු වලට සාධාරණය ඉල්ලන රූපවාහිනී දැන්වීම්...

මෙම රූපවාහිනී දැන්වීම් තුළ ඉතා සංවේදීව ආමන්ත්‍රණය කරනු ලබන්නේ එම වෛද්‍ය සිසුන්ගේ දෙමව්පියන් විසින් ඔවුන්ව එම තත්ත්වයට රැගෙන ඒම සඳහා විඳි දුක් කම්කටොළු පිළිබඳවය. මෙම දැන්වීම් සයිටම් විරෝධයට ප්‍රතිකර්ම ලෙසින් ඉදිරිපත් කරන දැන්වීම් යැයි කියමින් දෙමව්පියන් විඳිනා එම කටුක සත්‍යය අවඥාවෙන් බැහැර කරනු ලබන "අන්තරය" හෙවත් "අන්තර් විශ්විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ" ශිෂ්‍ය ක්‍රියාකාරීන් ද තේරුම් නොගන්නා සත්‍යය වන්නේ ඔවුන්ගේ දෙමව්පියන් ද ඔවුන්ව සරසවි අධ්‍යාපනය දක්වා රැගෙන ඒමට කෙතරම් දුෂ්කරතා විඳින්නට ඇතිද යන්නයි. එහෙත් සරසවි පැමිණ ජවිපෙ හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අතකොළුවක් බවට පත්වී ඔවුන්ගෙන් පෙරළා දෙමව්පියන්ට ඉටුවිය යුතු යුතුකම් අමතක කර දමා රට ජාතිය වෙනුවෙන් යැයි කියමින් ඔවුන් ඊනියා විප්ලව වල නිරත වී තම අනාගතය අඳුරු කර ගනියි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=953

ජවිපෙ – පෙරටුගාමී මොළ සේදීම් වලින් බිල්ලට ගන්නා තරුණ පරපුර රැකගනිමු!

ජවිපෙ හෙවත් ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉතා අවාසනාවන්ත අන්දමින් සරසවි සිසුන්ගේ අනාගතය බිල්ලට ගන්නා දැවැන්තම බලවේග වශයෙන් කටයුතු කරමින් සිටියි. ඔවුන්ගේ දේශපාලන අතකොළු බවට පත්ව මරණයට පත්වූ සිසුන් සැමරීම සඳහා වාර්ෂිකව "සිසු විරු සැමරුම" නැමති සැමරුම් උළෙලක් පවත්වනු ලබයි. එය සිසුන් විසින් නිදහස් අධ්‍යාපනය සඳහා දිවි පිදූ සිය සහෝදර සිසුන් සැමරීමක් වශයෙන් උත්කර්ෂයට නැංවුව ද එය තුළින් සිදු කරනු ලබන්නේ ජවිපෙ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂවල පටු අරමුණු වෙනුවෙන් අනාගතය බිලි දෙන සිසු පරම්පරාවක් බිහිකිරීමේ ක්‍රියාවලියට සිසුන් නතු කර ගැනීමක් වන අතර ඒවා මෙරටේ අහිංසක දෙමව්පියන්ට සිය දරුවන් අහිමිකර ලීමේ දෘෂ්ටිවාදී ව්‍යාපෘති මිස සැබෑ විරු සැමරුම් නොවන බවත් අවධාරණය කළ යුතුය.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=944

හාරකෝටියේ රංජි හෙවත් රොහාන් ජනප්‍රියම නළුවාට හිමි කිරුළ කරා රැගෙන යමු...

රොහාන් මට මුණගැසෙන්නේ මාගේ සරසවි ජීවිතයේ මිත්‍රයෙකු වශයෙනි. ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් අතර ජනප්‍රියත්වයට පත්වන නළුවෙකු බවට පත්වීම සඳහා නළුවෙකු තුළ දක්ෂතාවට අමතරව වාසනා ගුණය ද පැවතිය යුතුය. ඒ අනුව රොහාන් මෙම සාධක දෙකෙන්ම පරිපූර්ණ වූ පුද්ගලයෙකු බව පැවසිය හැකිය. සරසවියේ වේදිකාව මතදී ඔහු ප්‍රකට කළ රංගන කෞෂල්‍යය අනාගතයේ දී ඔහු මෙරටේ ඉතා දක්ෂ හා ජනප්‍රිය නළුවෙකු බවට පත්වන බවට වූ ඉඟියක් වුවත් එම තත්ත්ව නළුවෙකුට ලබා ගත හැකි වන්නේ ඔහුට හිමිවන අවස්ථා සහ එම අවස්ථා ඔහු විසින් සිය දක්ෂතා ප්‍රදර්ශනය වන අයුරින් භාවිතා කළ හොත් පමණක් වන බැවින් හාරකෝටිය ටෙලි නාට්‍යයේ රඟපෑමට අවස්ථාව හිමිවන රොහාන්ගේ ජීවිතයට වාසනාව කැන්දාගෙන එන්නේ එහි ඔහු විසින් රඟපෑ චරිතය වඩාත් සාර්ථක අයුරින් ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කිරීම නිසාවෙනි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=937

ජනවාර්ගික අර්බුදයේ මිත්‍යාව සහ යථාර්ථය...

වසර දහස් ගණනක් පුරා ඒකීයව පවත්වාගෙන ආ සිංහල බෞද්ධ ජාතියේ එක්සත් බවට වින කරන එක් ප්‍රබල මිත්‍යාවක් වන්නේ ජනවාර්ගික අර්බුදය ලෙස මාධ්‍ය මඟින් සහ ප්‍රභූ පැලැන්තියේ සිට සමාජයේ පහළ ස්ථර කරා ආරෝපණය කර ඇති රැවටීම හෙවත් මුලාවයි. මෙම මුලාවේ ගොදුරු බවට පත්වී සිටින දෙමළ හා මුස්ලිම් ජනයා මෙම සුජාත භූමිය තුළ ඔවුන්ට හිමි අයිතිය තහවුරු කර ගැනීම සඳහා අනවරත අරගලයක නිරත වී සිටියි. ඇතැමුන් මෙම අරගල සාධාරණීකරණය කිරීම පිණිස විවිධ ඓතිහාසික සාධක විකෘති කරමින් සිටින බවද රහසක් නොවේ. එබැවින් අප ජාතක වූ මෙම ලක් පොළෝ තලය අනාගතයටත් සිංහල බෞද්ධයින්ගේ නිර්මල භූමියක් ලෙස රැක ගැනීම පිණිස ජාතිය වෙනුවෙන් ඉටු කළ යුතු මතවාදී භූමිකාව මෙලෙස ඉටු කරමි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=926

ලිංගික නිදහස තුළ ජීවිතය අඳුරු කර ගන්නා අපේ රටේ සරසවි සිසුවියන්ගේ ඛේදවාචකය...

නිවසින් කන්‍යාවියක ලෙස පැමිණෙන බොහෝ ගැහැණු ළමුන් සරසවියට පැමිණ මුල් මාස දෙක තුන තුළ දී පූර්ණ ලිංගික ජීවිතයක පහස ලබා ගැහැණුන් බවට පත්වේ. එසේ පත්වීම තුළ පෙම්වතා කවර වරදක් කළත් ඉවසා සිටීමට සිදුවීම අතිශය ඛේදජනක ය. තමාගේ දෙනෙත් ඉදිරිපිට පෙම්වතා වෙනත් පෙම්වතියක් සමඟ සිනමා ශාලාවකට හෝ ලැගුම්හලකට ගියත් ඔවුන්ට ඉවසා සිටීමට සිදුවන්නේ පෙම්වතාට තමා පිදුවේ තම ආදරය පමණක් නොව තමාගේ මුළු ජීවිතය ම වන නිසා ය.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=917

පිරිමි ජීවිත විනිවිදින සන්නස්ගලගේ පිරිමින්ට එරෙහි පාපොච්චාරණය...

ඔහු පිරිමින්ගේ මෙන්ම ගැහැණුන්ගේ ශරීර වලට ද කෑදරයෙකි. එම කෑදරකම ඔහු මුදාහරින්නේ ඔවුන් මධුසමයට පිටරටක හෝටලයකට ගිය පසු රිද්මා තම මංගල ඇඳුම් ගලවා පිරිසිදු වී එන්නටත් පෙරම රිද්මාව සිය රමණයට ගැනීමෙනි. ඔවුන් එකතු වුණත් රිද්මා උණුසුම් වූයේ නැත. එලෙස හැමදාම රිද්මා උණුසුම් නොවීමම අවසානයේ ඔවුන්ගේ විවාහය තුළට තුන්වන පාර්ශවයකගේ කැඳවීමකට ආරාධනාවක් සිදු කරයි. එහි ප්‍රතිඵලය වන්නේ රිද්මා විශ්වාස කරන පරිදි ඇය නියම පිරිමියෙකුගෙන් ගැබ් ගැනීමයි. රිද්මා අවසානයේ තනි වන්නේ එම නියම පිරිමියාගෙන් ලද දරුවා සමඟ මිස පිරිමි ලිංගයක් සහිතව උපන්නාටම පිරිමියෙකු නොවූ තම විවාහක සැමියාගෙන් නොවේ.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=904

මාධ්‍යයට ආචාරධර්ම පද්ධතියක් ඕනෑ නැති බව පැවසූ මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්නට පිළිතුරක්...

“ජනමාධ්‍ය මඟින් නිරන්තර සෘණාකල්ප වර්ධනය වන ලෙස පුවත් ප්‍රචාරය කිරීම නිසා එය ග්‍රාහකයන්ට මේ සංසාරය පිළිබඳ අවබෝධ කරගැනීමට හොඳ මඟක්යැයි වරෙක සිතිය හැකිය. එහෙත් එය නිවැරැදිව අවබෝධ නොකරගන්නා ඒ තොරතුරු නිසා අසහනයට පත් වේ. එය දුක්ඛයයි. එය සංසාරය පුරා ඉවත් කළ නොහැකිය. එයින් ගැලවිය හැක්කේ නිර්වාණාවබෝධයෙන් පමණි.” මේ අද එක්තරා ජාතික පුවත්පතක පළවී තිබූ මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්න විසින් දක්වන ලද අදහසකි. මාධ්‍යයට ආචාර ධර්ම පද්ධතියක් ඕනෑ නැති බව පවසමින් බෞද්ධ මූලධර්මවලට අනුකූලව කටයුතු කිරීම වැදගත් වන බව ප්‍රකාශ කරන ප්‍රායෝගික නොවන ඔහුගේ අදහස් සඳහා පිළිතුරක් සැපයීම සඳහා මෙම සටහන තැබීම වැදගත් බව සිතුවෙමි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=898

ගැටහැවෙල පුංචි මැණිකාගේ පොඩි එකාගේ ස්වයං චරිතාපදානය හෙවත් සන්නස්ගලගේ “අම්මා”...

නූතන සාහිත්‍ය ලෝකයට ගෝර්කිගේ අම්මාගෙන් පසු දෙවෙනි වතාවට අම්මෙක් වැදීමට වින්නඹුකම් කරන්නේ සන්නස්ගලය. ඔහුගේ පෙරළිකාර ජීවිතයත්, කුසේ යුද්ධයට එරෙහිව කළ සටනත් අම්මගේ ආදරයත් තුළ ඔහු සිය අනන්‍යතාව මේ කොදෙව් භූමියේ ගොඩනඟා ගනියි. විටෙක අම්මා ඔහුගේ අප්‍රතිහත උත්සහයේ වස්තු බීජය වනවා සේම තවත් විටෙක එය ඔහුගේ මානසික පීඩනයේ ස්වයං පාපොච්චාරණය බවට ද පත්වේ. නූතන සංස්කෘතික ලෝකයට ගන්ධබ්බයෙකු ලෙස පහළ වී එකී සංස්කෘතියට එරෙහිව යමින් තමාගේම සංස්කෘතික තුවක්කුවෙන් අම්මා නැමති කතාව හරහා සිය හෘද සාක්ෂියට වෙඩි තබා ඔහු එය අපට නිරුවත් කොට පෙන්වයි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=895

කුඩම්මාගේ සැලකිලි ලබන අපේ රටේ පෙම්වතුන්ගේ කතාව…

යම් කිසි රටක පෙම්වතුන්ගේ ගහනය එම රටට සම්පතක් ද නොඑසේනම් රටේ යහ පැවැත්මට බාධාවක් දැයි විමසීමේ දී වෙනත් රටවලට කෙසේ වුවත් එය මෙරටට නම් පීඩාවකාරී වූවක් වන බව කාලයක් පුරාවට පෙම්වතුන්ට ලක්වීමට සිදුවූ විවිධ අපහසුතා හා ඔවුන්ට මුහුණ පෑමට සිදු වූ යම් යම් සිදුවීම් ඇසුරෙන් අවබෝධ කර ගත හැකිය. විශේෂයෙන්ම මෙරටේ ප්‍රසිද්ධ ස්ථානවල රැඳී සිටීමේ නිදහස පෙම්වතුන්ට අහිමි කිරීම ඔස්සේ මෙරට තුළ පෙම්වතුන්ට හිමි වී ඇති සමාජ වටිනාකමේ තරම කියාපායි. එහෙත් පෙම්වතුන්ට එවැනි දුෂ්කරතාවන්වලට මුහුණ පෑමට සිදුවීම සාධාරණ ද? මේ ඒ පිළිබඳව Iranga.net තුළ තබන සටහනකි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=278

Tuesday, June 6, 2017

වත්මන් අධ්‍යාපන ක්‍රමයේ අඳුරු පැතිකඩක් හෙළිකරන පේරාදෙණියේ උපාධිදාරිනියගේ සියදිවි නසා ගැනීම...

අධ්‍යාපනයෙන් පමණක් සාර්ථකත්වය ලැබීම ජීවිතයේ සාර්ථකත්වය ලැබිය හැකි එකම මඟ වශයෙන් අවධාරණය වන මෙරටේ වත්මන් සමාජ ක්‍රමය තුළ මෙම තරුණිය සිය ජීවිතය බිළිදෙමින් ප්‍රකාශ කර සිටින්නේ එය එසේ නොවන බව වේ. එනම් අධ්‍යාපනය ලබා ගැනීම ඔස්සේ බලාපොරොත්තු වන්නා වූ බුද්ධිය වර්ධනය කරලීමේ අරමුණ ද මෙම සියදිවි නසා ගැනීම ඔස්සේ ප්‍රශ්නගත කර ඇත. එසේම අධ්‍යාපනය තුළින් ඉහළට ගිය පමණින් ඔහු හෝ ඇය බුද්ධිමතෙකු බව තහවුරු කළ නොහැකි වන බවට වන සමාජය තුළ සංවාදයට බඳුන් විය යුතු ප්‍රශ්නාර්ථයක් ද මෙමඟින් ඉස්මතු කර ඇති අතර මේ සම්බන්ධයෙන් යම් විග්‍රහයකට එළඹීම තුළ අනාගතයේ දී හෝ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදුනොවීමට යම් සමාජ කතිකාවතක් සඳහා පදනම සකස් කළ හැකිය.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=878

Thursday, June 1, 2017

ගංවතුර ආධාර වලට මුවාවී මාධ්‍ය සදාචාරය කෙළෙසීම...

විවිධ මාධ්‍ය ආයතන විසින් ගංවතුර ආධාර ලබා දීම ඔස්සේ සිදු කරනු ලබන්නා වූ මාධ්‍ය ප්‍රවර්ධනය කර ගැනීමේ ව්‍යාපෘති තුළ ඔවුන් කටයුතු කරනු ලබන ආකාරය ඔස්සේ ඔවුන්ගේ ප්‍රවර්ධන අරමුණු වඩාත් ඉස්මතු වී පෙනේ. කෙසේ වුවත් මාධ්‍ය ආයතන විසින් සිදු කරන්නා වූ මෙම ආධාර සම්බන්ධීකරණය කීරීමේ කාර්යය පිළිබඳව ගැටළුවක් නොමැත. එහෙත් වරද ඇත්තේ මෙසේ ආධාර රැස් කිරීමේ හා ගෙනගොස් දීමේ ක්‍රියාවලිය තුළ මාධ්‍ය ආයතන සිය සන්නාම ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියක් නිර්ලජ්ජිතව ක්‍රියාත්මක කිරීමය. එනිසා ගංවතුර ආධාර රැගෙන යාමේ මුවාවෙන් සිදුවන එම ලජ්ජා සහගත මාධ්‍ය සංදර්ශන අප විසින් ඉතා දැඩිව හෙලා දැකිය යුතුය.
සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න: http://iranga.net/?p=874

තුන්වන කාර්මික විප්ලව අවධිය තුළ ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය අභිසරණය...

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය න්‍යායාත්මකව විශ්ලේෂණයට ලක්කිරීම කාලීන අවශ්‍යතාවක්. මේ ඒ සඳහා තැබූ පියවරක්.
සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න: http://iranga.net/?p=853

රහල් අල්විස්ගේ මාධ්‍ය භාවිතයට එරෙහි වෙමු!

මුළු රටම ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව ඇති මෙහොතක මාධ්‍ය අන්තර්ගතයක් සම්බන්ධයෙන් ප්‍රශ්නගත කළ පුරවැසියෙකුට ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සිය අශීලාචාරත්වය ප්‍රදර්ශනය කරමින් මාධ්‍ය වෘත්තිය තුට්ටු දෙකට ඇද දැමූ රහල් අල්විස්ගේ නොහික්මුණු හැසිරීම කිසිසේත් නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොවන බැවින් සහ මෙවැනි තත්ත්ව දිගින් දිගටම සිදුවීම මාධ්‍ය ක්ෂේත්‍රයේ ගෞරවනීයත්වය පවා කෙළසීමට හේතු වන බැවින් ඒ සම්බන්ධයෙන් සමාජයේ අවධානය යොමු කරවීම පිණිස මෙම සටහන තබමි.
සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න: http://iranga.net/?p=838

ශ්‍රී පාලි මණ්ඩපයේ වසර හතරක් හෙවත් මගේ සරසවි ජීවිතය…

මෙම බ්ලොග් සටහන තබන්නට සිතුණේ අදින් දින තුනකට පෙර නිකුත් වූ මා විසින් හැදෑරූ උපාධියේ ප්‍රතිඵල හේතුවෙනි. එනම් වසර හතරක් පුරා මහන්සි වී කැපවීමෙන් ලබා ගත් එම ප්‍රතිඵලයත් එයට සමගාමීව විශ්වවිද්‍යාලයේ දී මා නිරත වූ වෙනත් බොහෝ විෂය සමගාමී කාර්යයන් ද ඇතුළුව සරසවි කාල සමයේ දී ජීවිතයට ලබා ගත හැකිව තිබූ උපරිම වටිනාකම මා විසින් ලබා ගත් බවට සතුටු වන්නට හැකිවීම තුළ එම වසර හතරක කාලය සමස්ත ජීවිතයම කණපිට පෙරළූ කාල සමයක් වීමත් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් මෙසේ සටහනක් තැබීම වැදගත් බව සිතුවෙමි.
සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න: http://iranga.net/?p=822

මෝඩිගේ පැමිණීම හා සිංහල බෞද්ධ ජාතියේ මීළඟ අනතුර...

බටහිර නව යටත් විජිතවාදී අරමුණකට උඩගෙඩි දී එම සැමරුමේ ප්‍රධාන අමුත්තා වශයෙන් මෝඩි සහභාගි කර ගෙන ඉන්දියානු නව යටත් විජිතවාදය සහ ඒ ඔස්සේ නව බෙදුම්වාදී මූල බීජ රෝපණය කිරීම සඳහා අවස්ථාව උදා කර තිබේ. මෙම තත්ත්වය නරේන්ද්‍ර මෝදි විසින් මෙරටේ එක් ජන කොට්ඨාශයක් අමතා සිදු කළ ප්‍රකාශ තුළින් වඩාත් ඉස්මතු වූ අතර ඇතැම් ජනමාධ්‍ය වාර්තාකාරණයන් තුළින් සිංහල බෞද්ධ ජාතියට එරෙහි මෙම ක්‍රියාකලාපය උත්කර්ශයට නංවා තිබුණි. එබැවින් ජාත්‍යන්තර වෙසක් සැමරුමට මුවාවී මෝඩි මෙරටට පැමිණ තවත් ජාතිවාදී අරගලයක බීජ මෙරටේ රෝපණය කළ බව නිසැකය. මෙය කිසිසේත් නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොවන අතර සිංහල බෞද්ධ රාජ්‍යයේ ස්වාධීනත්වය සිංහල බෞද්ධයින්ගේ උත්සවයක් පාදක කර ගනිමින් පාවා දුන් අවස්ථාවක් ද වේ.
සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න: http://iranga.net/?p=817

මීතොටමුල්ලේ කුණු නිසා ඇවිස්සුණ කුණු වුණ සිස්ටම් එකේ කුණු ගඳ...

ඉකුත් 14 වන දින සිදුවූ මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකයත් සමඟ ඇවිස්සී ඇත්තේ මීතොටමුල්ලේ කුණු පමණක් නොවේ. එනම් මීතොටමුල්ලේ කුණුත් සමඟ කුණු නාගත් කුණු ගාගත් පුද්ගලයින්, කුණු වූ ආයතන ගැන කතා මෙන්ම අතීත වර්තමාන කුණු කතාද කරළියට පැමිණ තිබේ. ඒ අනුව සැබෑ ලෙසම මෙසේ දිගහැරෙමින් පවතින්නේ කුණු වුණ සිස්ටම් එක ගැන කුණු කතාය. එබැවින් කුණු පිළිබඳ තබන මෙම සටහන මීතොටමුල්ලේ කුණු ගැන ඇතිවූ කතා නිසා තැබෙන සටහනක් වුවත් මේ කියන්නට හදන්නේ මීතොටමුල්ලේ කුණුත් සමඟ ඇවිස්සුණ කුණු වුණ සිස්ටම් එකේ කුණු ගඳ ගැනය.
සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න: http://iranga.net/?p=788

මගේ ලෝකයේ දුයිෂෙන්

විටෙක ඔහු චෝළ රජුගේ සේනාවේ සෙන්පතියෙකි. තවත් විටෙක ලංකා රාජ්‍යයේ ශූර නරපතියෙකි. එසේත් නැතිනම් ඉතිහාසයේ කොහේවත් සඳහනක් නොමැති සාමාන්‍ය මිනිසෙකි. මේ කවර පුද්ගලයෙකු වුවත් ඉතිහාසයේ වැදගත් වූ සෑම සිදුවීමකම චරිතයක් මෙන් ඔහු ඉතිහාස සිදුවීම් විස්තර කරමින් අපවද එම ඉතිහාසයේ ජීවමාන සාක්ෂිකරුවන් බවට පත් කළේය. එනිසා ඔහුගේ ඉතිහාස පාඩම් අපගේ මතකයේ රැඳුණේ ඒවා කටපාඩම් කළ නිසා නොව ඉතිහාසයේ එම සිදුවීම්වල අප ද කොටස්කරුවන් වූ බැවිනි.....
සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න: http://iranga.net/?p=775

බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු ඩෙංගු ව්‍යාප්තියට බලපාන තවත් හේතුවක් ගැන හෙළිදරව්වක්...

මෙම වසරේ මුල සිට මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් යැයි සැක කෙරෙන රෝගීන්ගේ ප්‍රමාණය දැන් ලක්ෂය ඉක්මවා තිබේ. එම සංඛ්‍යාවට සාපේක්ෂව ඩෙංගු රෝගයෙ...