රොහාන් මට මුණගැසෙන්නේ මාගේ සරසවි ජීවිතයේ මිත්‍රයෙකු වශයෙනි. ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් අතර ජනප්‍රියත්වයට පත්වන නළුවෙකු බවට පත්වීම සඳහා නළුවෙකු තුළ දක්ෂතාවට අමතරව වාසනා ගුණය ද පැවතිය යුතුය. ඒ අනුව රොහාන් මෙම සාධක දෙකෙන්ම පරිපූර්ණ වූ පුද්ගලයෙකු බව පැවසිය හැකිය. සරසවියේ වේදිකාව මතදී ඔහු ප්‍රකට කළ රංගන කෞෂල්‍යය අනාගතයේ දී ඔහු මෙරටේ ඉතා දක්ෂ හා ජනප්‍රිය නළුවෙකු බවට පත්වන බවට වූ ඉඟියක් වුවත් එම තත්ත්ව නළුවෙකුට ලබා ගත හැකි වන්නේ ඔහුට හිමිවන අවස්ථා සහ එම අවස්ථා ඔහු විසින් සිය දක්ෂතා ප්‍රදර්ශනය වන අයුරින් භාවිතා කළ හොත් පමණක් වන බැවින් හාරකෝටිය ටෙලි නාට්‍යයේ රඟපෑමට අවස්ථාව හිමිවන රොහාන්ගේ ජීවිතයට වාසනාව කැන්දාගෙන එන්නේ එහි ඔහු විසින් රඟපෑ චරිතය වඩාත් සාර්ථක අයුරින් ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කිරීම නිසාවෙනි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=937
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=937
No comments:
Post a Comment