අධ්‍යාපනයෙන් පමණක් සාර්ථකත්වය ලැබීම ජීවිතයේ සාර්ථකත්වය ලැබිය හැකි එකම මඟ වශයෙන් අවධාරණය වන මෙරටේ වත්මන් සමාජ ක්‍රමය තුළ මෙම තරුණිය සිය ජීවිතය බිළිදෙමින් ප්‍රකාශ කර සිටින්නේ එය එසේ නොවන බව වේ. එනම් අධ්‍යාපනය ලබා ගැනීම ඔස්සේ බලාපොරොත්තු වන්නා වූ බුද්ධිය වර්ධනය කරලීමේ අරමුණ ද මෙම සියදිවි නසා ගැනීම ඔස්සේ ප්‍රශ්නගත කර ඇත. එසේම අධ්‍යාපනය තුළින් ඉහළට ගිය පමණින් ඔහු හෝ ඇය බුද්ධිමතෙකු බව තහවුරු කළ නොහැකි වන බවට වන සමාජය තුළ සංවාදයට බඳුන් විය යුතු ප්‍රශ්නාර්ථයක් ද මෙමඟින් ඉස්මතු කර ඇති අතර මේ සම්බන්ධයෙන් යම් විග්‍රහයකට එළඹීම තුළ අනාගතයේ දී හෝ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදුනොවීමට යම් සමාජ කතිකාවතක් සඳහා පදනම සකස් කළ හැකිය.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=878
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=878
No comments:
Post a Comment