මෙම රූපවාහිනී දැන්වීම් තුළ ඉතා සංවේදීව ආමන්ත්‍රණය කරනු ලබන්නේ එම වෛද්‍ය සිසුන්ගේ දෙමව්පියන් විසින් ඔවුන්ව එම තත්ත්වයට රැගෙන ඒම සඳහා විඳි දුක් කම්කටොළු පිළිබඳවය. මෙම දැන්වීම් සයිටම් විරෝධයට ප්‍රතිකර්ම ලෙසින් ඉදිරිපත් කරන දැන්වීම් යැයි කියමින් දෙමව්පියන් විඳිනා එම කටුක සත්‍යය අවඥාවෙන් බැහැර කරනු ලබන "අන්තරය" හෙවත් "අන්තර් විශ්විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ" ශිෂ්‍ය ක්‍රියාකාරීන් ද තේරුම් නොගන්නා සත්‍යය වන්නේ ඔවුන්ගේ දෙමව්පියන් ද ඔවුන්ව සරසවි අධ්‍යාපනය දක්වා රැගෙන ඒමට කෙතරම් දුෂ්කරතා විඳින්නට ඇතිද යන්නයි. එහෙත් සරසවි පැමිණ ජවිපෙ හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අතකොළුවක් බවට පත්වී ඔවුන්ගෙන් පෙරළා දෙමව්පියන්ට ඉටුවිය යුතු යුතුකම් අමතක කර දමා රට ජාතිය වෙනුවෙන් යැයි කියමින් ඔවුන් ඊනියා විප්ලව වල නිරත වී තම අනාගතය අඳුරු කර ගනියි.
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=953
සම්පූර්ණ ලිපිය: http://iranga.net/?p=953
No comments:
Post a Comment